ජ.වී.පෙ පිළිබඳ පළවන ව්‍යාජ පුවතක් සම්බන්ධව විජිත හේරත් සහෝදරයා දක්වන අදහස්

“සමාජමාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය සහිතව ව්‍යාජ පුවතක් ලංකා මැග් (Lanka MAG) නම් වෙබ් අඩවියක පළ කරනු ලැබ තිබේ.

මෙම පුවත මේ වන විට සියලු ක්ෂේත්‍රයන්හි අසාර්ථක වෙමින්ද ජනතා විරෝධයට ලක්වෙමින්ද සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් ලෙස හඳුනා ගන්නා අපි මෙම අවලාදාත්මක පුවත තරයේ ප්‍රතික්ෂේප කරමු.

මෙම පුවතෙහි සඳහන් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනය සමග අපගේ කිසිදු සබඳතාවක් තිබී නැති අතර එය හුදෙක් අප පක්ෂයට අවලාද නැගීම වෙනුවෙන්ම මවන ලද පුවතකි.
අප පක්ෂයේ බවට හැඟෙන ලද සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රාද පක්ෂයේ නායකයින්ගේ ව්‍යාජ අත්සන්ද යොදා ගනිමින් මෙම පුවත සකසනු ලැබ ඇත.

ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන මතයක් ගොඩනැගෙමින් තිබියෙදී එය වෙනතක හැරවීමට ආණ්ඩුව විසින් ගන්නා ලද තවත් අසාර්ථක උත්සාහයක් වශයෙන් මෙය හඳුනාගන්නා අපි මෙම ක්‍රියාමාර්ග පිටුපස ඇති දේශපාලනය පරාජය කිරීමට පෙරට එන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

එසේම මෙම ව්‍යාජ පුවත සහ ඊට පදනම් කරගත් කූට ලේඛනය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කරමු.

උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටී..

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවර මහ කන්නය සඳහා අම්පාර ගොවීන්ට පොහොර ලැබෙන බවට විශ්වාසය ඇති වීමත් සමඟ කඩිනමින් වී ගොවිතැන සිදු වන ආකාරය අම්පාර දිස්ත්‍රික්කයේ තුළ දැක ගත හැකි වූ බවයි ඔහු කියන්නේ.

අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින අයුරුද දැක ගත හැකි බව ආමාත්‍යවරයා පවසනවා.

“ගොවියෝ උද්ඝෝෂණය කරලා පාරට බැස්සේ පොහොර ඉල්ලලා. මේ වන විට ආණ්ඩුව පොහොර ලබා දෙමින් යනවා. මහ කන්නය පටන් ගත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 29ට මේ වනවිට පොහොර වර්ග 3ක් අපි බෙදලා තියෙනවා. මේ මාසේ අග වනවිට නයිට්‍රජන් පොහොර ටික ලංකාවට එනවා. ඒ අනුව වී ගොවි තැන සහ බඩ ඉඟුරු සඳහා අවශ්‍ය සියලු පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ට ලබා දීමට කටයුතු කරනවා.

පොහොර ඉල්ලපු ගොවියෝ දැන් කියනවා කාබනික පොහොර නෙමෙයි අපිට රසායනික පොහොර ලබා දෙන්න කියලා. අපිට රසායනික පොහොර ආනයනය කරන්න වෙලාවක් නෑ. ආනයනය කළත් අපට මාස 2ක් යනවා. ඒ නිසා රසායනික පොහොර ඉල්ලලා ගොවියෝ උද්ඝෝෂණය කරලා මේක දේශපාලනිකරණය කරන්න වෙනත් පුද්ගලයින් උත්සාහ කරනවා. අතිගරු ජනාධිපතිතුමා සහතිකයක් දුන්නා ඉදිරි සති දෙකේදී වෙලාවට පොහොර දෙනවා කියලා. ඒ දෙන පොහොර පිළිබඳව රජය වගකීම ගන්නවා කියලා. ඒ විතරක් නෙමේ ඒ පොහොර භාවිතා කරලා නිෂ්පාදනයේ අඩුවක් වුණොත් ඒ සඳහා වන්දි ගෙවන බවටද ආණ්ඩුව කිව්වා. මේක අභියෝගයක් කියලා අපි දන්නවා. නමුත් මේ මොහොතේ අපි පොහොර ටික ලබා දීලා තියෙනවා. සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලනවා වී වගාව සඳහා ගොවි බිමට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්න කියලා.

ලොව විශිෂ්ටතම අධ්‍යාපනය ලබන වාසනාවන්ත දරුවන්

ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ Scandinavian රටවල ය. එම රටවල අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරන්නේ පින්ලන්තයේ අධ්‍යාපන රටාවයි. ස්විඩනයෙ ද ඇත්තේ එම අධ්‍යාපන රටාවයි.. දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7 සම්පූර්ණ වූ පසුවයි අවුරුදු 1 සිට 7 දක්වා දරුවන් පෙරපාසලේ කාලය ගත කරති
අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (U.K.G.) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ස්විඩනයෙ දක්නට නැත.
මවගේ ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම දුව ගොස් පන්ති කාමරයක වාඩිවීමේ හදිසියක් හෝ අවස්ථාවක් මෙහි දරුවන්ට නැත.
නින්දෙන් තොර වූ සෑම මොහොතකම දරුවෙකු ඉගෙනීමක් ලබයි. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ කුඩා මොළය, තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම, කුඩා බීජයකින් පැළයක් හටගැනීම, සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්‍ෂීන් පියාසර කිරීම දියෙ පීනන මාළුවන් වැනි දේවල්වලින් ද දරුවෙක් යමක් ඉගෙන ගනී.එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන්
දරුවන්ගේ දැනුම වැඩිවෙනු ඇතැයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි.

පෙර පාසැල සහ 1-9 දක්වා දරුවන් ඉගෙන ගත යුත්තේ නිවසට ළඟම පාසලේය. මේ දරුවන් අනිවාර්යයෙන්ම පාසල වෙත පයින් යා යුතුමය. අසනීප තත්වයක් වැනි විශේෂිත වූ අවස්ථාවක හැර අව්ව , වැස්ස , සීතල , හිම යන කුමන කාලගුණික තත්වයක් යටතේ වුවද උදේ තම නිවසේ සිට පාසලටත් සවස පාසලේ සිට නිවසටත් පයින්ම ආ යුතුය. එය නීතියකි. දරුවන් නිවස ආසන්නයේ පාසලට ඇතුළු කළ යුතුය කෙසේ වෙතත් කිසිම හේතුවකින් දුර පාසලකට දරුවා ඇතුල් කළ නොහැක.

සාමූහිකව දරුවන් නිවසේ සිට පයින් ගමන් කිරීමේදී ඉගෙනීමට අමතරව ජීවිතයට බොහෝ දේ එකතු කරගන්නා ආකාරයක් දැකිය හැකිය. ඕනෑම කාලගුණික තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව…පයින් යාම ශරීර සෞඛ්‍යයට ව්‍යායාමයක් වීම පයින් යන විට යන එන පාර අවට ඇති ගස් කොළන් සතා සිවුපාවන් දැකීම ,එක් එක් කාලවල්දී ගස්කොළන් වල පවා සිදුවන වෙනස් කම් වැනි දෑ වල ඇස නිරන්තරයෙන් ගැටීම නිසා පරිසරය ගැන අවබෝධයක් ලැබීම. යහළුවන් සමග කණ්ඩායම් වශයෙන් ඇවිද ගෙන යාමේදී එකමුතුකම ඇති වීමට හුරු වීම වෙනි බොහෝ දෑ හුරු වෙ.

අවුරුදු 7දි පාසලට ඇතුළත් වන දරුවා ඊළඟ අවුරුදු තුනක කාලය තුළ, පාසලට යන්නේ අවුරුදදෙන් මාස හයක් පමණි. අවුරුද්දේ ඊළඟ මාස හයම ඔහුට නිවාඩු කාලයකි.දිනපතාම පාසලෙහි ඉගෙනුම් කටයුතු කෙරෙන්නේ ද සීමිත පැය කීපයක් පමණි. ඒ සීමිත කාලය තුළ පවා අධ්‍යාපනයට ලබාදෙන කාලය හා සමාන කාලයක් සංගීතය, චිත්‍ර හා ක්‍රීඩාවලට වෙන් කෙරේ.

සෑම පාසලකම විවේක කාමර ඇත. ඉගෙනීමට කැමැත්තක් (රුචියක්) නොදක්වන හා විඩාවට පත්වන දරුවන් එම විවේක කාමරවලට ගොස් විවේක සුවය ලබාගත හැකිය.

විශේෂයෙන් දරුවන්ගේ වයස 13 වන තෙක් ප්‍රාථමික හා ද්විතියීක ලෙස ඔවුන්ගේ පන්ති බෙදීම සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ මෙන් දරුවන්ට ප්‍රගති වාර්තා නැත. ඒ වා මව්පියන්ට ලබාදී ඔවුන්ගේ අත්සන් ලබාගැනීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක නොවේ.තම දරුවාගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වූ මව්පියකුට ඒ සඳහා පුද්ගලිකව ඉල්ලුම් කර තනිවම වෙලාවක් තීරණය කරගෙන පාසලට ගොස් පාසල් වේලාවෙන් පසු අදාල ගුරුවරුන් හමුවිය හැක . අධ්‍යාපනයෙහි තරගයක් නොපවතින බැවින් විභාගවලදී තමන් උපරිම ලකුණු ලබාගත යුතුය යන සිත් තැවුලක් මෙම රටවල ශිෂ්‍යයන්ට නැත.

අනෙකුත් ශිෂ්‍යයන් තමන්ගේ තරගකාරයන් ලෙස දැකීමේ සිරිතක් මේ ශිෂ්‍යයන් අතර නැත. ශිෂ්‍යයන්ට ‘ගෙදර වැඩක්’ දෙනු ලබන්නේ ද නැත. ශිෂ්‍යයන් කැමති විෂයක් තෝරා ඒ විෂයෙන් ඔවුන්ට අවශ්‍ය නම් ගෙදර වැඩ කළ හැකිය. එය ද අනිවාර්ය නොවේ.

එක් පාසලකට ගන්නා ශිෂ්‍යයන්ගේ උපරිම ගණන 600 කි. ස්විඩනයෙ පුද්ගලික පාසල් නැත. අධ්‍යාපනය මුළුමනින්ම රජය සතුය.
ශිෂ්‍යයන් සියලු දෙනාටම සම තත්ත්වයක අධ්‍යාපනක් ලබාදීම රජයේ වගකීමකි. එබැවින් ශිෂ්‍යයෝ 99%ක්ම සුඛෝපභෝගී අධ්‍යාපනයේ නිරත වෙති. එයින් 94%ක් උසස් අධ්‍යපනය කරා යති. ටියුෂන් (අමතර පන්ති) නමැති අශික්ෂිත සංස්කෘතිය මෙම රටවල හඳුන්වා දී නැත.විභාග සමත්වීමේ පදනමකින් තොරවූ මෙවැනි අධ්‍යාපනයක් ලබන මෙ රටේ ශිෂ්‍යයෝ ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන විභාගවලදී වැඩියෙන්ම ලකුණු ලබා උසස් ප්‍රතිඵල ලබාගනිති.අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි ජයග්‍රහණයක් ලබාගන්නේ කෙසේ ද?

මෙවැනි අධ්‍යාපන ක්‍රමයේ ජයග්‍රහණ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සිටින අධ්‍යාපනඥයෝ පුදුමයට පත් වී සිටිති. මෙම විප්ලවයට හේතු සොයන්නට ඔවුහූ පෙලඹෙමින් සිටිති. එහෙත් එක්සත් ජාතීන්ගේ සමුළුව (UNO) විසින් ඒ සඳහා පර්‌යේෂණ රාශියක් පවත්වා ඊට හේතූන් සොයාගෙන ඇත.

ලෝකයේ සිටින දරුවන්ගෙන් ඉතාමත් සතුටින් කල් ගෙවන අය පිළිබඳව වාර්ෂිකව පර්‌යේෂණයක් පවත්වා එය ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ කවදත් මුල් තැන ලබා ඇත්තේ ෆින්ලන්ත අධ්‍යපන ක්‍රමයයි

ඉතාමත් සතුටින් කල් ගෙවිය හැකි පරිසරයක ජීවත්වන දරුවෝ විවිධාකාර දැනුමක් ලබාගැනීමට උද්‌යෝගයක් දක්වති. ෆින්ලන්තයේ ආභාෂයෙන් දක්නට ලැබෙන මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුම්වත් වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිටින විද්වත්හු හා අධ්‍යාපනඥයෝ ඒ රටේ සංචාරය කරති. සමහරු එම රටවල සංචාරය කර ලබා ගන්නා දැනුම තම රටවලට ගෙනගොස් ක්‍රියාත්මක වන්නේදැයි යන්න ගැටලුවකි..

ලංකාවේ බිහි වූ යකඩ ගැහැණිය..

ඇය ගැහැණියක් වී මේ රටට කල සේවය අප රට පාලනය කල කිසිදු පාලකයෙක් සිදු කලේ නැත……

2000 අවුරුද්දේ සිරිමාවෝගේ නිසල දේහය නුවර පාරේ පෙරහැරකින් සමාධිය වෙත අරගෙන යද්දී ඒ දිහා බලාගෙන හිටිය මම මේ යන්නේ කවුද කින්ද මන්ද කියලා මුකුත් දැනගෙන හිටියේ නෑ.ඒත් ඒ ගියේ ලංකාව ඇත්තටම ආස්චර්‍යයක් කරන්න මාස්ටර් ප්ලෑන් එකක් තිබ්බ මහ යකඩ ගෑණියෙක්ගේ දේහය කියලා අද තමා තේරෙන්නේ.ඒලෙවල් පන්තියේ ඉද්දී එක සර් කෙනෙක් කිව්වා ගෑණුන්ට රටවල් පාලනය කරන්න බෑ කියලා.අපේ රටත් දෙන්නෙක් පාලනය කලා රට කෑවා කිව්වා.අපිත් අහගෙන හිටියා.අපේ වැඩිහිටියෝ ගොඩක් මෙහෙම කියනවා.”ඒ කාලේ මේ ගෑනි හින්දා අපිට කන්න නෑ.අඳින්න නෑ.පුදුම දුකක් වින්දේ ජීවත් වෙන්න”.මේ ඔක්කොම ඇත්ත වෙන්න ඇති.ඒත් තව අවුරුදු දහයක් අපේ ජාතිය ඉවසුවා නම්……..

ඇය අපේ රට පාලනය කල මහ උත්තරීතර පාලිකාවක්.ඇමරිකන් ඩොලර් එකක් මිලදී ගන්න අපි රුපියල් හතරයි වැය කලේ.ඇයගේ කාලය තුල ලංකාව කිසිඳු රටකට ණය නැති රටක්.ඇය දේශීය නිශ්පාදන නව නිපැයුම් කෙරෙහි විශ්වාසය තැබුවා.අපේ රටේ දේවල් පිට රට ඇරියා.රටක් ගොඩ එන්න නම් දුක් විඳින්න ඕනෙම තමා.ඒ දුක මිනිස්සුන්ට දැනුණා.ආසියාවේ තිබ්බ විශාලතම වානේ කර්මාන්ත ශාලාව වෙච්ච ඔරුවල වානේ සංස්ථාව අපිට තිබුණා.කන්තලේ,සෙවණගල සීනී කර්මාන්ත ශාලා තිබුණා.කන්කසන්තුරේ,පුත්තලම,ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා තුනක් තිබ්බා.කැලණි ටයර් ඉන්දියාවට අපනයනය කලා.තුල්ටෙක්ස්,වේටෙක්ස්,කූටෙක්ස් සමාගම් තිබ්බා.විදේශීයන්ට අයත් වෙලා තිබ්බ අපේ රටේ වතු ඇය විසින් රටට යලි ලබා ගත්තා.රිදී අපනයනය කලා.වාලච්චේන කඩදාසි කම්හල තිබුණා.ඇය යකඩ ගැහැණියක්.මහා දැක්මක් තිබ්බ රාජ්‍ය පාලිකාවක්.

ජේ ආර්ගේ සුරපුරයට වහ වැටිලා මිනිස්සු 77දී මැතිණියව ගෙදර යැව්වා.ජේ ආර් කරපු හානිය දැන් තමා අපිට තේරෙන්නේ.ඉඳිකට්ටක්වත් අපිට හදාගන්න බෑ.දේශීය සමාගම් පිටරටවල් වලට විකුණලා.ඇය දේශීය නිශ්පාදන කෙරෙහි විශ්වාසය තැබුවා වගේම දේශීය ව්‍යාපාරිකයන් කෙරෙහි සියලු සම්පත් ලබා දුන්නා.උපාලි විජේවර්ධන වැනි දේශීය ව්‍යාපාරිකයන් ගොඩ නැගුවා.යුනික්,කැන්ඩොස්,මැස්ඩා ෆියට්,ඩෙල්ටා වැනි සන්නාම ලෝකයට ගෙනගිය පිලිප් උපාලි විජේවර්ධන වැනි මහා දැවැන්ත මිනිසුන් ගොඩ නගන්න ඇයගේ රජය කටයුතු කලා.සිරිමාවෝ දිගටම හිටියා නම් බිල්ගේට්ස් වගේ මිනිහෙක් ලංකාව ඇතුලේ හදලයි නවතින්නේ.කපු වගා කලා.මහා වගා සංග්‍රාමයන් කලා.තෝර පරිප්පු ,මුං ඇට වැව්වා.දේශීය ආහාර රටාවක් ගොඩ නැගුවා.මහවැලිය ආරම්භ කලා.ඒවා ණය අරගෙන කරන්න ඇයට අවශ්‍ය වුණේ නෑ.ඒ හින්දා ඇය දශක ගණනකට එය ව්‍යාප්ත කලා.දේශීය මුදල් වලින් ලෝකයට ණය නොවී රට ගොඩනගන සැලැස්ම ඇය සතු වුණා.එහෙත් ජේ ආර් ආවා.මැතිණියව අන්ත අසරණ කරලා දැම්මා.ලෝකයේ බලවත් රටක් අපේ මිනිස්සුන්ගේ ඔලුවල මැව්වා.ආර්ථිකය විවෘත කලා.කිසිම දෙයක් අපි හදන්න ගත්තේ නෑ.තිබ්බ දේශීය සමාගම් විකුණලා දාලා චීනයෙන් ඉන්දියාවෙන් ගෙන්නන්න ගත්තා.අද අපි කොතනද????

මාග්‍රට් තැචර් පරාදයි සිරිමාවෝ ඉස්සරහා.සිරිමාවෝට තිබ්බ දර්ශණය කිසිම පාලකයෙකුට තිබ්බේ නෑ.ඔක්කොම ආවේ ණය අරගෙන රට ගොඩ දාන්න.දැන් අපේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙත් ණය අරගෙන.ණය පියවන්න තව ණය ගන්නවා.මාර ආර්ථික ඔස්තාර්ලා අපේ රටේ ඉන්නේ.ඇයට නම් උපාධි මහ සහතික තිබ්බේ නෑ.ඒත් රට පාලනය කරන්න අවශ්‍ය සරල බුද්ධියක් තිබ්බා.සිරිමාවෝ ගෑණියෙක් තමා.හැබැයි සිරිමාවෝට තිබ්බ ගට් එක එක පිරිමියෙක්ට තිබ්බේ නෑ.ඇය ගියේ ඇගේ සැමියා ඇයට පෙන්නපු පාරේ.ඇය ගියේ උත්සහවන්ත ගමනක්.තවමත් ඇයට බනින මිනිස්සු ඉන්නවා.

එහෙත් ඇය තමයි මේ රට සුරපුරයක් කරන්න හරිම ප්ලෑන ගහපු පාලිකාව.ඔය මොන දැක්මවල් පොත් වල තිබ්බත් ක්‍රියාත්මක වෙච්ච නිවැරදිම දැක්ම ඇයගේ.ඇයට පණ දෙන්න අපේ ජාතියට පුලුවන් නම් රට ගොඩ දාන විදිය දවසින් ඇය උගන්නයි.

දේශීය කර්මාන්ත ගොඩ නොනගා දේශීය ආර්ථිකය ගොඩ ගැනීමට හැකි නම් ඌ වයිමාටත් වඩා වැඩ්ඩෙක් විය යුතුමය…..

මැතිණියනී…..

ඔබේ අගය වටහා ගැනීමට නොහැකි වීම අප ජාතියේ කරුමය මිස අන් කවරක්වත් නොවේ..

Design a site like this with WordPress.com
Get started