ජ.වී.පෙ පිළිබඳ පළවන ව්‍යාජ පුවතක් සම්බන්ධව විජිත හේරත් සහෝදරයා දක්වන අදහස්

“සමාජමාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට” යන ශීර්ෂය සහිතව ව්‍යාජ පුවතක් ලංකා මැග් (Lanka MAG) නම් වෙබ් අඩවියක පළ කරනු ලැබ තිබේ.

මෙම පුවත මේ වන විට සියලු ක්ෂේත්‍රයන්හි අසාර්ථක වෙමින්ද ජනතා විරෝධයට ලක්වෙමින්ද සිටින ආණ්ඩුවේ බංකොලොත් ප්‍රචාරවලින් එකක් ලෙස හඳුනා ගන්නා අපි මෙම අවලාදාත්මක පුවත තරයේ ප්‍රතික්ෂේප කරමු.

මෙම පුවතෙහි සඳහන් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනය සමග අපගේ කිසිදු සබඳතාවක් තිබී නැති අතර එය හුදෙක් අප පක්ෂයට අවලාද නැගීම වෙනුවෙන්ම මවන ලද පුවතකි.
අප පක්ෂයේ බවට හැඟෙන ලද සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රාද පක්ෂයේ නායකයින්ගේ ව්‍යාජ අත්සන්ද යොදා ගනිමින් මෙම පුවත සකසනු ලැබ ඇත.

ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන මතයක් ගොඩනැගෙමින් තිබියෙදී එය වෙනතක හැරවීමට ආණ්ඩුව විසින් ගන්නා ලද තවත් අසාර්ථක උත්සාහයක් වශයෙන් මෙය හඳුනාගන්නා අපි මෙම ක්‍රියාමාර්ග පිටුපස ඇති දේශපාලනය පරාජය කිරීමට පෙරට එන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

එසේම මෙම ව්‍යාජ පුවත සහ ඊට පදනම් කරගත් කූට ලේඛනය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කරමු.

Leave a comment

Design a site like this with WordPress.com
Get started